ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම නව නිපැයුම් සිදුකරනවා වෙනුවට සියලු ව්‍යාපෘතිවලින් මුදල් අයතා ලෙස පරිහණය කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ.
නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම සඳහා රජයෙන් මෙම කොමිසමට ලබාදෙන මුදල් මෙම කොමිසමේ කොමසාරිස්වරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය විසින් විවිධ බාහිර කාර්යයන් සඳහා යොදවා ඇති අතර, ඒහරහා නව නිපැයුම් ප්‍රවර්ධනය වීමක් සිදුවී නොමැති බවද කෝප් කමිටුවේදී කරුණු හෙළි වීඇත.
නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කොප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා හරහා පරීක්ෂණයක් කිරීමටද කෝප් කමිටුව නිර්දේශ කර ඇත.
නව නිපැයුම්කරුවන් සඳහා ලැබෙන විදෙස් සංචාර වෙනත් පුද්ගලයන්ට ලබාදී ඇති බවත්, නව නිපැයුම්කරුවන්ට ලැබෙන මුදල් සහ උපකරණ ඔවුන්ට ලබානොදී වෙනත් බාහිර පුද්ගලයන්ට ලබාදී ඇති බවටත් මෙහිදී සාක්ෂි සහිතව කරුණු අනාවරණය වී තිබේ.
නව නිපැයුම්කරුවන්ගේ කොමිසම දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වුවද ශ්‍රීලංකාව තුළ නව නිපැයුම්කරුවන් 300 අඩුපිරිසක් පමණක් හඳුනාගෙන ඇති බවත්,නව නිපැයුම්කරුවන් වර්ධනය කිරීමක් කොමිසම මගින් සිදුකර නොමැති බවත් එහිදී අනාවරණය වී ඇත.
එසේම ඔවුන්ගේ කොමිෂන් සභාව විසින් ඔවුන්ගේ මාධ්යප්රතිපත්තිය සකස් කිරීමට හිතවතෙකුගේ සමාගමකට විශාල මුදලක් ලබාදී ඇති අතර, එම ප්‍රතිපත්තිය හඳුන්වාදීමේ උත්සවයට රුපියල් ලක්ෂ 16ක් වැය කර ඇති බවද අනාවරණය වීඇති අතර, එය කොමිසමට අදාළ නොවන කාර්යයක් බවද එහිදී වාර්තාවී තිබේ.
මෙම කොමිෂන් සභාවේ දූෂණ වංචා පිළිබඳ සියල්ල විරමර්ශනය කිරීමට කොප් කමිටුව තීරණය කර ඇති අතර, ඒ අනුව නව නිපැයුම්කරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමද නියමිතව ඇත.
නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සාමාජිකයන් ලබන 19 වැනිදා යළි කොප් කමිටුවට කැඳවීමටද නියමිතව තිබේ.
මේ සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රීසුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් 'අද' විමසූ අතර, ඒ මහතා පවසා සිටියේ,
"නව නිපැයුම්කරුවන් වෙනුවෙන් ප්රතිලාභ ලබාදෙන්නට රජයෙන් ලබාදෙන මුදල්නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාවඔවුන්ට අවශ්‍ය විදිහේ විවිධ වැඩසටහන් සඳහා යොදවලා තිබුණා. ඒවා නව නිපැයුම්කරුවන්ට අදාළ නැහැ.
මාධ්‍ය ප්‍රතිපත්තියක් හදන්න විශාල මුදලක් කොමසාරිස්වරයාගේ හිතවත් ආයතනයකට ලබාදීලා. ඒක ඔවුන්ට අයත් කාර්යයක් නෙවෙයි. ඒවගේම ඒට දියත් කරන උත්සවයට පමණක් ලක්ෂ 16ක් යොදවලා තිබුණා. මේවගේ නාස්තිකාර වියදම් විශාල ප්රමාණයෙක් කොමිෂම සිදුකර තිබෙනවා. කොමිසම නව නිපැයුම්කරුවන් සඳහා ප්රතිලාභ ලබාදී තිබුණේ නැහැ.උපකර නිසි පරිදි දීලා නැහැ.
2014දී පෙර සිටම මේ තත්ත්වය පැවතිලා තිබෙනවා. ඒවගේම පාසල් මට්ටමේ සිය ලංකාවෙන්ම නව නිපැයුම්කරුවන් ලෙස හඳුනාගෙන තිබෙන්නේ 300 පමණ පිරිසක්. නව නිපැයුම් කොමිසමේ නව නිපැයුම්ව්යාපෘති කරන්න කිසිම වැඩපිළිවෙළක් නැහැ. මේනිසා මේ දුෂණ අක්‍රමිකතා සොයන්න අපි තිරණය කළා. මේ පරීක්ෂණය දිගටම පවත්වාගෙන යනවා.
කොමිසමේ හිටපු කොමසාරිස්වරයා සහ අධ්යක්ෂවරු මුදල් අයතා ලෙස යොදවලා සාවද්‍ය පරිහරණයේ යෙදිලා තිබෙනවා. එයට දිගටම පරීක්ෂණය කරනවා. නව නිපැයුම්කරුවන්ට දීපු මුදල් වෙන වෙන දේවලට තමයි යොදවලා තිබෙන්නේ.දැන් ඉන්නේ වැඩ බලන කොමසාරිස් කෙනෙක්. අමාත්‍යාංශයෙන් පත්කරලා ඉන්නේ" යැයි පැවසීය.