නව ත්‍රස්තවාදී පනතට අනුව පුද්ගලයින් රදවා ගත හැක්කේ අධිකරණයේ පුර්ණ අධීක්ෂණය යටතේ බවත් නව ත්‍රස්ත පනත යටතේ වෘත්තීය සමිති මර්ධනය කරන්නේ කෙසේදැයි ඔප්පු කරන ලෙසත් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. අද (30දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය යනු කුමක්ද යන්න අර්ථ නිරූපණය කර ඇති බවත් එම පනත් කෙටුම්පත මගින් අධිකරණයේ තීන්දුවට සියල්ල යටත් වන අතර මෙම පනත සම්බන්ධව සෑහිමකට පත් නොවන පුද්ගලයින්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ හැකියාව පවතින බවත්, අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.
නව පනත යටතේ අත්අඩංගුවට පත් පුද්ගලයින් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමේ කටයුත්ත අධිකරණයේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු වන බව ද මෙම පනත යටතේ වෘත්තිය සමිති මර්දනය කරන බවට සදහන් කරන කිසිවෙක් නව පනත කියවා නැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
