නව ජල සම්බන්ධතා ලබා ගැනීමේදී හිමිකම් නොමැති ඉඩම් වෙනුවෙන් මෙතෙක් කලක් අය කරන ලැබූ ගාස්තුව කපා හරින ලෙස ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා ඊයේ (23 දා) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස් දී ඇත.
ඒ අනුව මෙතෙක් කාලයක් ජල සම්බන්ධතා ලබාගැනීමේදී හිමිකම් නොමැති පදිංචිකරුවන්ගෙන් අතිරේකව අය කරනු ලැබූ රුපියල් 1500 ක මුදල කපා හැරීමට නියමිතය .
මෙම අතිරේක අය කිරීම අත්හිටුවීමේ චක්රලේඛය ඊයේ සිටම ක්රියාත්මක කරන ලෙසද ඇමති වාසුදේව නානායක්කාර මහතා උපදෙස් දී තිබේ .
අඩු ආදායම්ලාභී ජනතාව ඇමති වාසුදේව නානායක්කාර මහතා මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය කර ඇත.