නව ජනපතිට ජනපතිගෙන් සුබ පැතුම්
2019 ජනාධිපතිවරණයෙන් ශ්රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්රීපාල සිරිසේන සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
ශ්රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ දින ජනාධිපති ධුරයේ රාජකාරී අවසන් කළ අතර, එහි දී ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශයේ දී ද තේරි පත්වන නව ජනාධිපතිවරයා වෙනුවෙන් සිය සුබපැතුම් පළ කරමින් ඔහුගේ ඉදිරි කටයුතු සර්වප්රකාරයෙන් ම සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.
මේ අතර ජනාධිපතිවරයා එහි දී පෙන්වා දුන්නේ එම සියලුදෙනා හා එක්ව තම උතුම් මාතෘභූමිය සහ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන් යුතුව තමා විසින් ඉටු කළ වගකීම් හෙට දිනයේ ද ඉටුකිරීම අධිෂ්ඨානය බවයි.
popular news
-
Champa Monday, 18 November 2019 02:13 PM
ඔබ තනතුරින් විශ්රාම යන කොට ඔබ විසින් ඔබටම මහජන මුදලින් කෝටි ගණනක් වටින තෑග්ගක් දී ගත්ත. ලැජ්ජයි. බලයේ ඉන්න කාර්ය බහුල ජනාධිපතිවරයෙකුට සුදුසු වෙන විදිහට විශාල ඇමති නිල නිවාස දෙකක් එකතු කරලා මහජන මුදල් කෝටි ගානක් වියදම් කරලා හදපු දෙවෙනි ජනාධිපති මන්දිරයක් විශ්රාම යන කොට ඔබේ පෞද්ගලික නිල නිවස විදිහට වෙන් කරගත්ත. අනිත් එක ඔබ කෝටි ගණන් වියදම් කරල මෙහෙම මන්දිරයක් හැදුවේ කොලොඹම තවත් විශාල ජනාධිපති මන්දිරයක් තියෙද්දී. දැන් ඔබ මේ දෙවෙනි මන්දිරේ ඔබේ තනි අතියට තියා ගත්ත. ඒ කියන්නේ ඔබ මේ දෙවෙනි මන්දිරේ හදා ගත්තේ යනකොට ගෙනියන්න. තනි පුද්ගලයෙක් වෙනුවෙන් මේ මන්දිරය නඩත්තු කරන්න අහිංසක දුප්පත් මහජනතාවගේ බදු මුදල් කෝටි ගණන් වැය වෙනවා. මේ වැඩේ බරපතල ලෙස මහජන දේපල අවභාවිතා කිරීමක්. ලංකා ඉතිහාසයේ අනිත් හැම ජනාධිපතිවරයෙක්ම ගෙදර යනකොට ගියේ හිස් අතින්. ඔවුන්ට නිල නිවාස දුන්නේ පස්සේ. මතකද ඔබ මහින්දට අවුරුද්දකුත් ඉවර වෙනකම් නිල නිවසක් දුන්නේ නැහැ. මහින්දත් යනකොට ගියේ හිස් අතින්. ඒකට ඔබ කොහොමද? ඔබ ගෙදර ගියේ තමන්ට දීල තිබ්බ ජනාධිපති මන්දිරෙත් අරගෙන. ඒ අතින් ඔබ අන්තිම දූෂිත වැඩක් කරලා තියෙන්නේ.
Reply : 0 0
Champa Monday, 18 November 2019 11:20 PM
ඔබේ දුෂ්ඨ පලිගැනීම් නොවෙන්න අද ජනාධිපති විදිහට දිවුරුම් දෙන්න තිබ්බේ මහින්ද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

