නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා ජුනි 30 වනදා පත්කිරීමට නියමිතව තිබේ මෙරට 19වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ඔහු එම ධුරයේ වැඩභාර ගැනීමට නියමිතය.
1988 දී ශිෂ්‍යභටයෙකු ලෙස කොතලාවල ආරක්ෂක විද්‍යාලයට එක්වෙමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා අනුරාධපුර කඳවුරු අංක 01 පියාසර පුහුණුව ලබා ගනිමින් 33වැනි ගුවන් ශිෂ්‍යභට පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යභටයා ලෙස පත්වුණි.
ගුවන් හමුදාපති ධුරයට පත්වීමට ප්‍රථම ඔහු ගුවන් හමුදා මාණඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ අතර එය ගුවන් හමුදාවේ දෙවැනි ඉහළම නිලයයි