නව කෝටියක කොකේන් සමග මැලේසියානුවෙක් අල්ලයි
රුපියල් නව කෝටි අට ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් තම ගමන් මල්ලේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු 07/18 දින උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 23 හැවිරිදි වියේ පසුවන මැලේසියාවේ ආපනශාලාවක සේවය කරන්නෙකි . ඔහු වෙත මැලේසියානු රිංගිට් 10,000 ක් ලබා දීමේ පොරොන්දුව මත මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් තිබුණි .
මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරින් මිළදී ගෙන , ඩුබායි වෙත පැමිණ , එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් 07/18 දින උදෑසන 09.30 කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔහු ව්සින් රැගෙන ආ ගමන් මල්ල තුළ , චොකලට් ටොෆී අඩංගු භාජන 03 ක් තුළ , මෙම කොකේන් කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 816 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගය කරල් 92 ලෙස සකස් කර , සූක්ෂම ලෙස අසුරා සගවා ගෙන තිබුණි .
මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
