නව කොරෝනා වෛරසය මිනිස් නිර්මාණයක් නොවන බවට ඇමෙරිකානු බුද්ධි පවසයි
නව කොරෝනා වෛරසය මිනිසා විසින් සාදන ලද හෝ ජානමය වශයෙන් වෙනස් කරන ලද්දක් නොවන බවට පුළුල් විද්‍යාත්මක එකඟතාවයට එකඟ වන බව ඇමෙරිකානු බුද්ධි අංශ පවසයි.
ඇමෙරිකාවේ ජාතික බුද්ධි අංශ අධ්යක්ෂ කාර්යාලය නිකුත් කළ නිවේදයක මේ බව දැක්වෙයි.
එහෙත් ඇමරිකානු බුද්ධි ප්‍රජාව මෙම වෛරසය ආරම්භ වූයේ ආසාදිත සතුන් සමඟ සම්බන්ධතා පැවැත්වීම නිසාද නැතහොත් එය වුහාන්හි රසායනාගාරයක හදිසි අනතුරක ප්‍රතිඵලයක්ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂා කරන බව එම වාර්තාවේ දැක්වෙයි.
චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ජෙන් ෂුවාං යළිත් කියා සිටියේ වෛරසයේ මූලාරම්භය විද්‍යාඥයින් සහ විශේෂඥයින් විසින් තීරණය කළ යුතු බවත් එය දේශපාලනීකරණය කළ නොහැකි බවත්ය.
popular news
-
ගමරාල Sunday, 03 May 2020 07:19 AM
මෙය ජ්‍යොතිෂයට අනුවද නිැරදියි කියන්න පුළුවනි.ඇයිද කියනවානම් ග්‍රහයින් කේතුගේ නැකැත්වල ගමන්කරන කාලවලදී ග්‍රහලෝක වලින් විෂබීජ නිකුත්වන නිසා එයින් මෙය සිදුවූබව කියන්න පුළුවන්.ඒ අනුව බලනවිට 2019.11.05 දින ගුරු කේතුගේ නැකතක ගමන්කල අතර ඉන් පසුව කුජ.බුධ හා සිකුරුත් කේතුගේ නැකැත්වල ගමන් ඇරඹීය.මේ අනුව ග්‍රහලෝක කීපයකින් පෘතුවියට පැමිණි විෂබීජ මිනිස් ක්‍රියාකාරකම් නිසා අපවිත්‍රව පැවති පෘතුවි වායුගෝලයේ විෂබීජ සමග එක්වී මෙම වසංගතය ඇතිවූ බව පැහැදිලිය.එක් ග්‍රහ ලොවකින් 2020.05.02 දක්වාම විෂබීජ නිකුත්වන බවක් තිබූ හෙයින් ඒ දක්වාම පැතිරීම සිදුවන අතර එතැන්සිට කාලයක් පැමිණි විෂබීජ වලින් රෝගය ව්‍යාප්තවිය හැකිය.මෙනිසා සියළු දෙනාම පරිසර හිතකාමීව ආගම දහමට අනුව කටයුතුකර පවතින වසංගතය මර්ධනය කර ගැනීමට වගබලා ගත යුතුය
Reply : 0 0
ගමරාල Sunday, 03 May 2020 07:41 AM
විවිධ ග්‍රහලෝක කේතුගේ නැකත්වල ගමන්කරද්දී පිටවන විෂබීජ එක්වී සැකසෙන වෛරස නිසා මෙම රෝගය ඇතිවූ නිසා එම ග්‍රහයින්ට අදාල අංශවල කඩාවැටීම්ද සිදුවේ.උදාහරණයකට අනුව ගුරුට අයත් ආහාරවලත්.අධ්‍යාපනයත් ස්යෙඛ්යයේත් සිකුරුට අයත් ගමනාගමනයත් බුධට අයත් මුදල් ගණුදෙනුවලත් කඩාවැටීම් පෙන්විය හැකිය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

