අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ලෙස සී.බී. රත්නායක, ප්‍රවාහන අමාත්‍ය ලෙස දිලුම් අමුණුගම, විමලවීර දිසානායක ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලෙසත් දිවුරුම් දුන්හ.
සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නැවතත් එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ද මෙහිදී සිදු විය.



