2017 වර්ෂයේදී රුසියානු සමුහාණ්ඩුව විසින් සංවිධානය කළ “19 වන ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවය ” සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළ පිරිස්ට රුසියානු රජය විසින් පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානයක් සිදු කිරිමට නියමිතය.
ඒ අනුව මේ සඳහා ලංකාව නියෝජනය කරමින් එම සම්මාන දිනාගනු ලබන්නේ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා , ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක,ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන්ද මේ සඳහා සම්මාන ලැබිමට නියමිත පිරිස වේ.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ අත්සනින් යුතු පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානයක් මොවුන් වෙත රුසියානු රජය විසින් පිරිනැමේ.
ඒ අනුව මාර්තු 11 (අද) දින කොළඹ පිහිටි රුසියානු මධ්‍යස්ථානයේදී අදාල පදක්කම් හා ඩිප්ලෝමා ප්රදානය සිදු කිරීමට නියමිතය.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ අත්සනින් යුතු පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානයක් ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙක් වෙනුවෙන් ලබා දෙන පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මතේරි මහතාගේ සුරතින් පදක්කම් හා ඩිප්ලෝමා ප්රදානය සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
2017 වර්ෂයේ රුසියානු සමුහාණ්ඩුවේ මොස්කව් නගරයේ පැවති “19 වන ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවය” සඳහා රටවල් 47ක් නියෝජිතයන් සහභාගී විය.
කෂිනි හපුආරච්චි