කොවිඩ් හේතුවෙන් තාවකාලිකව වසා දැමුන නොර්වුඩ් ප්‍රාදේශී සභා කාර්යාලය නැවත විවෘත කිරිමට උපදෙස් දුන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ උප සභාපති හා එහි මංත්‍රිවරුන් තිදෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයේ කිප දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගැනිමත් සමග එම ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසා දැමිමට පසු ගිය දිනක උපදෙස් ලබා දුන් බවත්ය.
එම තත්වයන් මත වසා දැමුන නොර්වුඩ් ප්‍රාදේශීය සභා කාර්යාලය මුලුමණින්ම විෂබීජහරනයට ලක් කර එහි කටයුතු නිසි ලෙස කර ගෙන යාමට එම ප්‍රාදේශීය සභා කාර්යාලය නැවත විවෘත කිරිමට උපදෙස් දුන් බව එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්