තලාතුඔය පොලිස් වසමේ කොරොනා වෛරසය හේතුවෙන් නිරෝධායනය කර ඇති නිවසක සිටි තරුණියකට අයුතු බලපෑම් සිදු කල බව කියන වයස 53 හැවිරිදි පොලිස් නිලධාරියකුගේ සේවය වහාම අත්හිටුවිමට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ විසින් කටයුතු කර තිබේ.
සේවය අත්හිටුවිමට අමතරව අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නිතිමය කටයුතු සිදු කරන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ ප්‍රකාශ කලේය.
ජ්‍යෙෂඨ පොලිස් අධිකාරිවරයා සදහන් කලේ සිද්ධිය පිලිබදව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවිමෙන් පරීක්ෂණයක් ද සිදු කල බවයි.