තායිවානයේ කොවිඩ්-19 වෛරසය සඳහා වූ නිරෝධායන රෙගුලාසි තත්ත්පර 8ක කාලයක් බිඳ දැමීම සම්බන්ධයෙන් පුද්ගලයෙකුට ඇ.ඩො.3,500ක දඩයක් නියම කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
පිලිපීන සංක්‍රමණික සේවකයෙකු වන මෙම පුද්ගලයා කඕහ්සිං නගරයේ හෝටලයක නිරෝධායනය කරමින් සිටියදී කාමරයෙන් පිටතට පැමිණ ශාලාවට පිවිසෙන බව නගර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති අතර, එය තත්ත්පර 8ක තරම් කෙටි කාලයකි.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ හෝටල් කාර්ය මණ්ඩලය විසින් මෙම පුද්ගලයා CCTV දර්ශන මගින් හසුකර ගෙන ඇති අතර, නගර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඔහුට තායිවානයේ ඩොලර් 100,000ක හෙවත් ඇ.ඩොලර් 3,500ක පමණ දඩයක් නියම කර තිබේ.
තායිවානයේ ක්‍රියාත්මක දැඩි නිරෝධායන නීති යටතේ, පුද්ගලන්ට එම නිරෝධායන කාලය තුළ කිසිම අයුරකින් ඔවුන්ගේ කාමරවලින් පිටව යාමට අවසර නැත. ඒ අනුව නිරෝධායනයෙහි යෙදී සිටින පුද්ගලයින් තම හෝටල් කාමරයෙන් පිටවීම සම්බන්ධයෙන් දඩ මුදලක් අය නොකෙරෙනු ඇතැයි කිසිසේත්ම නොසිතන්න යැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
කාඕසියුං නගරයේ නිරෝධායන හෝටල් 56ක් ඇති අතර, ඒවායෙහි කාමර 3,000ක් පමණ ඇති බව දෙපාර්තමේන්තුව පවසයි. කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් තායිවානය පුළුල් ලෙස පැසසුමට ලක්වූ රාජ්‍යයකි. ඔවුන්ට කිසි විටෙකත් දැඩි අගුලු දැමීම් සිදු කිරීමට අවශ්‍ය නොවීය.
ඒ වෙනුවට තායිවානයේ කොවිඩ්-19 මර්ධන ප්‍රතිචාරය අවධානය යොමු කළේ වේගවත් ප්‍රතික්‍රියා දැක්වීම කෙරෙහිය. වෛරසය පිළිබඳ අනාවරණය වනවිටම සෘජු ගුවන්ගමන් නැවැත්වූ ඔවුන්, මහා පරිමාණ පරීක්ෂණ සහ ඉක්මන් හා ඵලදායී සම්බන්ධතා සොයා ගැනීම සඳහා කටයුතු කළේය.
මිලියන 23ක ජනගහනයක් සිටින තායිවානයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 716ක් සහ මරණ 7ක් පමණක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.