දැනට රටපුරා ක්‍රියාත්මක වෙන විදිහට පනවලා තිබෙන නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
නිරෝධායන ඇඳිරි නීතිය පනවලා අදට හරියටම දවස් 27 ක් වෙනවා. ඇදිරි නීතිය කඩ කරන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කරගන්න ආරම්භ කළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
කොරෝනා වයිරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් එය පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ගවල එක් පියවරක් ලෙස දිවයිනට ම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලැබුවේ පසුගිය 20 වනදායි.
එය පසුගිය 30 වනදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිතව තිබුණද එය පසුගිය 6 වනදා දක්වා යළි දීර්ඝ කිරීමටයි තීරණය කෙරුණේ. පසුගිය 03 වනදා පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමෙදි ද එය යළි 13 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කෙරුණු අතර පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන නිරෝධායන ඇදිරි නීතිය 13 වනදා දක්වා යළි දීර්ඝ කෙරුණා.