නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (30) සඳහන් කරයි.
බස්නාහිර ,සබරගමුව ,මධ්‍යම ,වයඹ සහ දකුණු පළාත්වල හෙට දිනයේ (31) දිනයේ තැනින් තැන වැසි ඇතිවේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් ,පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා අංශය නිවේදනය කරයි.
අකුණු මගින් හා තාවකාලික සුළිං මගින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.