අද සිට විශේෂයෙන්ම දිවයිනේ නිරත දිග කොටසේ වැසි තත්ත්වයේ මෙන්ම සුළං වේගයේ තරමක වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හේ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවයි.
වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ හා හම්බන්තො දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහපයක් ඇතිවේ. සබරගමුව හා මධ්‍යම පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවද එම දෙපාර්මේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු මැද හා ඌව පළාත්වත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවත් විටින් විට හමන පැයට කිලෝ මීට් 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.