පවතින වැසි සමග ස්ථාන දෙකක මතු වූ නාය යාමේ අවදානමක් හේතුවෙන් අද සවස ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30 සාමාජිකයින් එකසිය තිහක් (130) ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඌවපරණගම ඇල්ල ලන්ද ග්‍රාම නිලධාරි වසමට අයත් පුද්ගලික වත්තක පදිංචිව සිටි පවුල් නමයක සාමාජිකයින් විසි එක් දෙනෙකු කොහිලගම ප්‍රජා ශාලාවේ රඳවා ඇති අතර ගලහගම අලුත්වත්ත පවුල් 21 පුද්ගලයින් එකසිය එක් දෙනෙකු(101) අලුත් වත්ත මුස්ලිම් පල්ලියේ රඳවා ඇති බවද ඔවුනට වියළි සලාක පිසූ අහර ඇතුළු පහසුකම් සලසා දෙන බවද ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි .