නියෝමාල් පෙරේරාගේ සහාය සජිත්ට
එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන නියෝමාල් පෙරේරා ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ (30දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර එම අවස්ථාවේදී නියෝමාල් පෙරේරා මහතා සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන්නේය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාද එක්විය.

ඡායාරූපය ප්‍රදීප් පතිරණ
-
sirimal Saturday, 05 October 2019 10:38 AM
දේශපාලන කෝණයෙන් නොබලන්නේනම් ලංකාවේ හොඳම පාසලට ගොස් සාපෙළ අසමත් වූ කෙනෙක් අපගේ නායකයා කරගන්නේ ඇයි දැයි අපිම සිතිය යුතුයි. කථිකත්වය මත ඔහුගේ තීන්දු ගැනීමේ ශක්තිය ඉස්මතු නොවේ. විශේෂයෙන් බොහෝ නිලදාරීන් දේශපාලකයන් ඇන්දවීමට බලාසිටින බැවින් නිවැරදි දේ තෝරාගැනීමට දේශපාලකයා බුද්ධිමත් වියයුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
