එක්සත් ජාතික පක්ෂයේ නායක ධුරයේ දිගටම රැඳීසිටීමට තමන්ට උවමනා නැතැයි එම පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16දා) පැවසීය.
පක්ෂයට අලුත් නායක පැලැන්තියක් උවමනා කර තිබෙන බවත්, ඒ සඳහා 2025 වසර වනතුරු සිටිය යුතු නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.
සියලු දෙනා එකතු වී පක්ෂය ඉදිරියට යන්නේ කෙසේද කියා සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත්, පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස තමන් දැනුම්දුන් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ගමට ගොස් පාක්ෂිකයන් හමුවිය නොහැකි සංවිධායකයන් වෙනුවට නව සංවිධායකයන් පත්කිරීමට සිදුවන බවත්, පක්ෂයේ සියලු දෙනා එකමුතුව වැඩ නොකළහොත් මහ මැතිවරණයේදී ජයග්රාහි ප්‍රතිඵලයක් ලබාගත නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.
කුරුණෑල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් දැක්වීය.