අද සිට බොරැල්ල කැම්බල් පිටියේදි කොවිඩ් ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදු කර ගැනිම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කිරිමට කොළඹ මහනගර සභාව පියවර ගෙන තිබේ.
කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛච්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ සදුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව 9.00සිට ප.ව12.00 දක්වා මෙම මධ්‍යස්ථානයේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදු කරන බවය.
මේ සඳහා කිසිදු මුදලක් අයනොකරන බවද සඳහන්ය.