වසර තුනකට වඩා කාලයක් සේවයෙන් ඉවත් කර තිබු නන්දිමිත්ර ටග් යාත්‍රාව අලුත් වැඩියා කටයුතු සිදුකර යළි සේවයට එක් කිරිම |අද(14) සිදුවු බව ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය. සදහන් කරයි
.වරායේ ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත් අංශයක් ලෙස ටග් යාත්‍රා මෙහෙයුම් අංශය සැලකේ.
වරාය සීමාව තුළට පැමිණෙන නැව් වරාය තුලට ගෙන ඒම සහ වරායෙන් මුහුදු සීමාවට රැගෙන යාමට ටග් යාත්‍රා මහඟු සේවාවක් ඉටු කරයි.
මෙම සේවාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් සහ පෞද්ගලික අංශය මඟින් සපයනු ලැබේ.
2004 වසරින් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් නව ටග් යාත්‍රා මිලදී ගෙන නොමැති අතර පවතින යාත්‍රා අබලන් වීම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට තරඟකාරී සේවාවක් සැපයීමට අපහසු විය
සේවක මහතුන්ගේ සහ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ආරාධනයෙන් 2025.06.20 දින වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ස්ථානීය පරීක්ෂණයකට සහභාගී වුහ
. අනතුරුව ඉහළ කළමණාකාරීත්වය සමඟ සාකච්ඡා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා කඩිනමින් ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර ටග් යාත්‍රා සේවයට එක් කරන මෙන් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
මේ අනුව නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ මැදිහත් වීමෙන් අනතුරුව 2021.12.29 වන දින සිට අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් සේවයෙන් ඉවත් කර තිබු නන්දිමිත්ර ටග් යාත්‍රාවේ අලුත්වැඩියා කටයුතු කඩිනම් කර සේවයට එක් කිරීමට කළමණාකාරීත්වය කටයුතු තිබේ.
