අම්බලන්තොට නෝනගම ජල උද්‍යානය ජනතා අයිතියට පත් කිරීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ 27 වනදා සිදු විය.
කතරගමට යන අතරමඟ දී ජනතාවට විඩාව නිවා ගැනීම සඳහාමෙම ජල උද්‍යානය ප්‍රධාන මාර්ගයට සමීපව නෝනගම වැව තාවුළු ප්‍රදේශයේ ඉඳිකර තිබේ.
ප්‍රාදේශිය සභාවේ සභාපති දර්ශන සංජිව මහතගේ සංකල්පයක් මත අම්බලන්තොට ප්‍රාදේශිය සභාව මගින් මෙම ජල උද්‍යානය ඉඳිකර තිබේ.
දකුණු පළාත් රුහුණු සංචාරක කාර්යංශය ද මේ සඳහා අනුග්‍රහය දක්වා ඇත. බෝට්ටු සවාරි ගමන් , දරුවන්ට විනෝද වීමට ළදරු උයන් , මෙම ස්ථානයේ පිහිටා තිබේ.
ප්‍රදේශයේ ජනතවගේ ජීවනෝපාය සංවර්ධනය කිරිමටද මෙම ස්ථානය ඉදිරියේ දී යොදා ගැනීමට නියමිතව ඇත. අම්බලන්තොට ප්‍රාදේශිය සභාවේ නිළ වෙබ් අඩවියද අගමැතිතුමා අතින් මෙම ස්ථානයේ දී ආරම්භ කෙරිනි.
අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් රාජපක්ෂ, අම්බලන්තොට ප්‍රාදේශිය සභාවේ සභාපති දර්ශන සංජිව යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.