වත්තල පොලිස් වසමේ හැඳල හන්දිය ප්රදේශයේදී ඊයේ (25) රාත්රියේ පොලිස් නිලදාරින් දෙදෙනෙකුට පහරදී පලාගිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධය ප්රකාශක කාර්යාලය සඳහන් කරයි.
සැකකරුවන් ඊයේ රාත්රියේදී කෑකෝ ගසමින් ත්රීරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර ඇලකන්ද මාර්ගයේ සිට කොළම මීගමුව ප්රධාන මාර්ගයට පිවිසෙමින් සිටියදී රථ වාහන රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් පරික්ෂා කිරීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී රියදුරු හා පිටුපස අසුනේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු බීමත්ව සිට ඇති බව පෙනී යාම හේතුවෙන් ත්රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනා කටයුතු කර ඇත.
එහිදී එම රථයේ පැමිණි තිදෙනෙකු විසින් පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා සිදුකර පසුව අදාල ත්රිරෝද රථයෙන්ම පලා ගෙස් ඇත.
පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාල නිලධාරීන් දෙදෙනා වත්තල පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු නිලධාරීන් කණ්ඩායමක් විසින් පලායමින් තිබු ත්රිරෝද රථය සමග සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25,29, හා 30 වයස්වල පසුවන වත්තල මාබෝල ප්රදේශයේ පදිංචිකරුවන් බවත් සඳහන්.
එමෙන්ම සැකකරුවන්ගේ පහරදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරීන් දෙදෙනා රාගම රෝහලේ ප්රතිකාර ලබන බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද වැලිසර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.