කොළඹට නාවික සැතපුම් 117ක් දුරින් පිහිටි මුහුදේදී නීතිවිරෝධී සංක්රමණිකයන් 21 දෙනෙකු ගමන්ගත් යාත්රාවක් නාවික හමුදාව අද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධීව විදෙස් රටකට යෑමට උත්සාහ කළ ලාංකිකයන් 21ක් දෙනෙකි.
එම පිරිස අතර පිරිමි පුද්ගලයන් දහනවදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිටින බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වරාය පොලීසිය වෙත බාරදී තිබේ.