විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද (3) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොවුන් දෙදෙනා 20 හැවිරිදි වියේ පසුවන රාගම සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති .
ඔවුන් දෙදෙනා ඩුබායි සිට ඕමානයේ මස්කට් වෙත පැමිණ , එතැන් සිට ඕමාන ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 381 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඔවුන් දෙදෙනා විසින් රුපියල් 22,80,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 25,720 ක් අඩංගු , දුම්වැටි කාටූන් 123 ක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .