නාවික හමුදාව විසින් ඊයේ (16) දින මඩකලපුව, කලපුව ආශ්රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
ධීවර කටයුතු සඳහා නීතිවිරෝධී දැල් භාවිතා කිරිම තුළින් මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත් ද විනාශයට පත් වන අතර, එබැවින් එවැනි නීතිවිරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
එහි තවත් එක් මෙහෙයුමක් මඩකලපුව, කලපුව ආශ්රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ අතර, එහිදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් 25 ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.
සොයා ගන්නා ලද තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සිටී.