නීතිවිරෝධි ඖෂධ රැගෙන ආ ඉන්දිය ජාතිකයින් දෙදෙනෙකු රේගු භාරයට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව , ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනා අද දින අලුයම 01.15 ට ඉන්දියාවේ චෙන්නායි සිට , ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් දෙදෙනා විසින් රැගෙන ආ සිය පෞද්ගලික අත් බෑගයන් තුළ මෙම ඖෂධ තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම අත් බෑගයන් තුළ විවිධ රෝගී තත්වයන් හමුවේ භාවිතා කරන ඖෂධ වර්ග 10 ක් පමණ ඇති බව සදහන් වේ .
කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
