නුගේගොඩ හා ගල්කිස්ස පොලිස් කොට්ඨාස තුළ මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මහජන ආරක්ෂක ආමාත්‍ය, ආචාර්ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතාගේ උපදෙස් අනුව සතියක කාලයක් මෙම මෙහෙයුම අඛණ්ඩව සිදු කිරිමට නියමිතව තිබේ.
පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, බුද්ධි අංශ ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරයි.
අපරාධකරුවන්, වරෙන්තුකරුවන්, මත්කුඩු ජාවාරම්කරුවන්, කප්පම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක වෙයි.