කුඩාඔය පොලිස් වසමේ ඇතිලිවැව තෙලුල්ල ජනපදයේ L 34 නිවසෙන් 2020/05/04 වැනි දින අතුරුදහන්වූ විසිතුන් හැවිරිදි තරුණියගේ මළ සිරුරේ කොටස් සහ ඇඳුම් බෑගය ඊයෙ (28දා) කුඩාඔය පොලීසිය මඟින් සොයාගෙන ඇත.
මෙසේ මළ සිරුරේ කොටස් හමුවූයේ හෙට්ටිආරච්චිලාගේ තක්ෂිලා සඳුනි දීපමාලී නැමති තරුණියගේය.
ඇය 2020/05/04 වෙනි දින උදේ හයට පමණ නිවසෙන් පිටවගොස් ඇත්තේ ඇය සේවය කරන පුද්ගලික වෙළෙඳසැලට යාමටය.
නමුත් ඇය සේවා ස්ථානයට ගොස් නොතිබීමත් ආපසු නිවසට නොපැමිණීම නිසාත් දෙමාපියන් විසින් ඒ පිළිබඳව 2020/05/15 වැනිදින කුඩාඔය පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
ඇයගේ පියාට අතුරුදහන්වූ තරුණියගේ ජංගම දුරකථනයෙන් කෙටිපණිවිඩ කිහිපයක් පැමිණ තිබෙන අතර ඒ මඟින් ඇයගේ ගිණුමට මුදල් දමන ලෙස දැනුම්දී ඇත.
ඒ අනුව මුදල් තැන්පත් කර ඇත.පසුව තරුණියගේ පෙම්වතාටද එවැනි කෙටි පණිවිඩ ලැබී ඇති අතර ඒ මඟින්ද සඳහන් කර ඇත්තේ තරුණියගේ ගිණුමට මුදල් බැර කරන ලෙසය.
පසුව පෙම්වතා විසින් ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී තිබෙන අතර මුදල් ලබාගැනීමට කිසිවකු හෝ එවන ලෙස පණිවුඩයක් මඟින් දැනුම්දී ඇත.ඒ අනුව තරුණියගේ අක්කා සහ ඇයගේ පෙම්වතා මුදල් ලබාගැනීමට පැමිණෙන බවට පොලීසියට දැනුම්දී ඇති අතර මුදල් දෙන අවස්ථාවේ පොලීසිය පැමිණ තරුණියගේ අක්කා සහ ඇයගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් විසින් මැයි 04 වැනි දින අතුරුදහන්වූ තරුණිය වැඩට යන අවස්ථාවේ ළඳු කැලෑවක් අසලදී පොල්ලකින් පහරදී ඝාතනය කළ බවට පාපොච්චාරණය කර ඇත.
මෙම ඝාතනය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය වැල්ලවාය මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ට මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ආර්.එන් යාපා මහා මහතා විසින් පවත්වන්නට යෙදුණි. සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් පිට සහකාර තණමල්විල සහකාර පොලිස් අධිකාරී ඒ.එස්.කේ කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ කුඩාඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක