නකල්ස් හා රිවස්ටන් සංචාරක ගමනාන්ත වෙත පිවිසීම අත්හිටුවයි
පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නාය යැම් හා පස් කදු කඩාවැටිම්වලට ලක්ව ඇති රිවස්ටන් කලාපය සහ ලෝක උරුම නකල්ස් කදුවැටිය ආශ්රිත සංචාරක කලාපයේ සියලුම සංචාරක ගමනාන්ත වෙත ප්‍රවේශ විම අත්හිටුවා ඇති බව දෙස් විදෙස් සංචාරකයින්ට දැනුම්දෙන බව මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා පැවසිය.
දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ආන්තික කාලගුණික තත්වය හේතුවෙන් ප්රවේශමාර්ගවලට සැලකිය යුතු හානියක් සිදු ව ඇති අතර ඇතැම් ස්ථානවල තවදුරටත් අඛණ්ඩ අවදානමක් පවතින බව තාක්ෂණික විශේෂඥයින් විසින් හදුනාගෙන ඇති බවය.
එම නිසා මහජනතාවගේ ආරක්ෂාව සදහා නිලධාරින් ඇතුලු පිරිසට ප්‍රදේශය ස්ථාවර කිරිමට ඉඩ සැලසිම සදහා මෙම තාවකාලික වසා තැබිම සිදු කරන බවය.
රිවස්ටන් කලාපය ලෝක උරුම නකල්ස් කදුවැටිය පිහිටි මාතලේ වඩාත්ම ස්වාභාවික වත්කම්වලින් එකක්වන අතර කලාපයේ ප්‍රජාවගේත් ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මුලික ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවත් කඩිනමින් රිවස්ටන් කලාපයේ සංචාරක ව්‍යාපාරය පෙරටත් වඩා ශක්තිමිත්ව ආරක්ෂීතව සහ තිරසරව නැවත ස්ථාපනය කිරිම සදහා උපරිම පියවර ගන්නා බවද දිසාපතිවරයා වැඩිදුරටත් පැවසිය.
මහේෂ් කීර්තිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

