පාසල් නිල ඇඳුම් වව්චරය හඳුන්වා දුන්නේ රෙදි මිලදී ගැනීමේදී තිබුණු දැවැන්ත දූෂණය වංචාව නතර කිරීමට බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
වවුචර් ක්‍රමය පිළිබඳව ඇතැම් දේශපාලනඥයින් විසින් තමන්ට එල්ල කරනු ලබන විවේචනවලට පිළිතුරු දිමක් ලෙස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඇහැටුමුල්ල මුස්ලිම් මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
"සාමාන්‍යයෙන් කොමිස් ගහන දේශපාලනඥයෙක් නම් රුපියල් කෝටි 20ක් 25ක් අරගෙන පරණ ගිය ක්‍රමයට රෙදි මුදලාලිලා තුන් තහර දෙනෙක් එක්ක වැඩේ කරගෙන යන්න තිබ්බා.
මේ වවුචරය නිකන් දෙන්න බෑ. ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව තමයි ප්‍රින්ට් කරලා තියෙන්නේ. ඒකට ෆොටෝ දැම්මත් නැතත් ෆෝ කලර් තමයි ගහන්නේ. ඒක නිසා මේ ගැන බොරු තර්ක ගේන්න එපා." යනුවෙන් ඔහු පැවසීය.