පසුගිය දින කිහිපයේ මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධික වර්ෂා තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසක පවතින නළ ළිං වලින් ඉබේ ජලය ගලා හැලෙන බව ප්රදේශවාසිහු කියති.
මේ අතර වසර ගණනාවක් පැරණි නාඋල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ස්ථාපිත නළ ළිං රැසක ජලය ස්වභාවිකව ගලා හැලෙන බව ද ප්රදේශවාසිහු කියා සිටිති.
අධික වැසි තත්ත්වය හේතුවෙන් පොලොව අභ්‍යන්තරයට වැඩි ප්‍රමාණයක් ගලා යෑම මෙම තත්ත්වයට හේතුව බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී භූ විද්‍යා හා පතල් කැණිම් දෙපාර්තමේන්තු පළාත් කාර්යාලය කියා සිටියේය.
විශේෂයෙන් වසරක් පාසා ඇතිවන වර්ෂා තත්ත්වයන් හමුවේ මධ්‍යම පළාතේ බොහෝ ස්ථාන වල ජල උල්පත් සක්‍රීයවීම සිදුවන බවත් ගැඹුරු නළ ළිං වලින් නොකඩවා ජලය ගලා හැලීම් වාර්තා වී ඇති බවත් අප කළ විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු වැඩිදුරටත් කියා සිටියේය.