ධීවර යාත්රාවක් පෙරළී දෙදෙනෙක් අතුරුදන්
පානදුර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්රාවක් පෙරලී ධීවරයින් දෙදෙනකු මුහුදේ ගිලී අතුරුදන්ව එක් අයෙකු දිවි බේරාගෙන ඇති බව පානදුර ධීවර වරාය කාර්යාලය ෙසදහන් කරයි.
ඊයේ (15) පස්වරුවේ මුහුදු ගිය මතූෂ පුතා නමැති ධීවර යාත්රාව මෙසේ මුහුද මැද පෙරලී ගොස් ඇති බව සදහන් වේ.
එගොඩ උයන ප්රදේශයේ පදිංචිව සිටී 39 හැවිරිදි ප්රසංග කුරේ නමැති විවාහකයෙකු සහ සමන්ත පීරිස් 51 නමැති දෙදරු පියෙකු මෙහිදී අතුරු දන්ව ඇති බවද පොලිසිය කීය.
ධීවරයින් තිදෙනා ගමන්ගත් යාත්රාව ඊයේ අළුයම රළ පහරට හසුව පෙරලී ඇති අතර, ඔවුන් පැළද සිටී ආරක්ෂක කබායන්ද මූහුදේ පාවෙමින් තිබෙන අයුරු දැකගත හැකිවිය .
ධීවරයන් තිදෙනා පෙරලීගොස් ඇති බෝට්ටුවේ මද වේලාවක් එල්ලී සිට ඇති අතර, අනෙක් දෙදෙනා එක්වරම රළපහරට හසුව නොපෙනී ගිය බව දිවි ගලවාගත් එරංග ප්රදීප් මහතා පැවසීය .
අතුරු දන්ව ඇති පුද්ගලයන් සොයා වෙරළ ආසන්නයේ ජීවත ආරක්ෂක නිළධාරීන් සහ ධීවරයින් නිරීක්ෂණය කරමින් සිටී අතර, මුහුදේ රළු ස්වභාය හේතුවෙන් යාත්රා දියත් කිරීමට නොහැකිව තිබුණි.
පානදුර සුමිත් පොතුපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

