තලවිල වෙරලින් මුහුදු ගිය ධීවර යාත්රාවක් අද (15දා) නාවික හමුදා මුර සංචාරක යාත්රාවක ගැටීමෙන් ධීවර යාත්රාවට බරපතළ හානි සිදුවී ඇති අතර යාත්රාවේ ගමන් ගත් ධීවරයෙකු තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුලත් කර ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ තලවිල කොළනිය පදිංචි වර්නකුල සූරිය සුජිත් පුෂ්ප කුමාර නැමැති 45 හැවිරිදි දෙදරු පියෙකි.යාත්රාවේ හිමිකරු වන්නේ ද ඔහුය.මෙම සිදුවීමට යාත්රාව මුහුණ පාන අවස්ථාවේ එහි ධීවරයින් තිදෙනෙකු ගමන් ගෙන ඇත. ධීවර යාත්රාවට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ තුනක් පමණවන බැව් ධීවරයෝ පවසති.
අප මේ පිළිබදව විමසීමට කල්පිටිය නාවුක හමුදා නිළධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එම වෑයම අසාර්ථක විය.
කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.
කල්පිටිය කුමාරී කොට්ටහච්චි

