ධීවර කටයුතු සදහා මුහුදු ගොස් එමින් සිටී බෝට්ටුවක් පෙරලී ධීවරයින් තිදෙනෙකු දිවි බේරාගෙන ඇති බවත්, බෝට්ටුව මත්සයින් සමග මුහුදට ගසාගෙන ගිය බවත් පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සදහන් කරයි.
මෙසේ දිවි ගලවාගෙන ඇත්තේ පානදුර උයන්කැලේ ප්රදේශයෙන් කේ එල් ටී 1136 නමැති බෝට්ටුවෙන් මුහුදු ගිය පානදුර නල්ලූරුව ප්රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය සදහන් කරයි .
ධීවරයින් තිදෙනා ඊයේ (26) අළුයම මුහුදු ගොස් ඇති බවත් ධීවර කටයුතු නිමවා නැවත පැමිණෙමින් සිටියදී රළ පහරට හසුව බෝට්ටුව පෙරලී ඇති බවත් සදහන් වේ.
ධීවරයින් තිදෙනා බෝට්ටුව හැරදමා වෙරළට පිහිනා පැමිණ ඇති බව ධීවරයින් පැවසීය. පෙරලීගිය බෝට්ටුව කිලෝමීටරයක් පමණ ඈත මුහුදේ පාවෙමින් තිබෙන අයුරු දැකගත හැකිවිය.
පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්