සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ධාවනයෙන් ඉවතකල අබලි වාහන 60ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා රු දොලොස් කෝටි අටලක්ෂ හැත්තෑහත්දහසක මුදලක් (රු. 120,877,000.00) ක මුදලක් රජයේ අදායමට බැර කර ඇත.
මෙම අබලි වාහන 60න් වාහන 53ක් සාමාන්‍ය වාහන ලෙසත්, වාහන 07ක් අබලි වාහන ලෙසත්, වෙන්දේසි කරන ලද අතර අබලි වාහන වෙන්දේසියේදී වෙන්දේසි කිරීමට ප්‍රථම ලියාපදිංචි අවලංගු කිරීමටද කටයුතු කර ඇත.
වෙන්දේසි කල වාහන අතර අබලි මෝටර් රථ, අබලි ත්‍රිරෝද රථ සහ අබලි යතුරුපැදි ද වූ බව සඳහන් වේ. ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේ කොම්ප්ට්‍රොලර් ජනරාල්ගේ අනුමැතිය ලද වහාම ධාරිතාවය 1800 CC ට වැඩි පෙට්‍රල් වාහන සහ 2300 CC ට වැඩි ඩීසල් වාහන (ධාවන තත්වයේ) 18 ක්ද ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කිරීමට නියමිත බව සෞඛය අමාත්‍යාංශය සදහන් කර ඇත.
එම වාහන අපහරනය සඳහා වු තක්සේරු කම්ටුවේ සභාපති ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා හා කමිටු සාමාජිකයන් ලෙස අධ්යක්ෂ නිමල් දිසානායක, ගණකාධිකාරී ආර්.බී.ජී.එල්. තිලකරත්න, යාන්ත්‍රික ඉංජිනේරු සහන් පැතුම් හා මෝටර්රථ පරීක්ෂක එම්.එල්.ආර්.චන්ද්රබන්ඩාර යන මහත්වරුන් කටයුතු කර ඇත.