ධාවනය වෙමින් තිබු බසයක රියදුරු සිහිසුන් වී අනතුරකට ලක්වේ
පුද්ගලික බස් රථයක රියදුරුට හටගත් හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ එම බස් රථය
පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයක් තුළට කඩා වැදී දරුණු රිය
අනතුරකට ලක්ව ඇත.
අද(07) උදෑසන මෙම පුද්ගලික බස් රථය වවිනියාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අඟලුම් හලකට සේවකයින් රැගෙන යමින් සිට ඇත. එහිදී 40 කට ආසන්න සේවකයින් සංඛ්‍යාවක් රැගෙන යමින් සිටි මෙම බස් රථයේ රියදුරු එක් වරම රෝගී වී ඇත. එහිදී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව ධාවනය වෙමින් තීබූ ප්‍රදේශයේම පාරෙන් ඉවතට පැන නිවසක් සහිත ගරාජයක ගැටී ඇත. එම අවස්ථාවේ ගරාජයේ හිමිකරු නිවස තුළ සිට නොමැති අතර අනතුරින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. ඒ වන විටත් රියදුරුට පියවි සිහිය තිබී නොමැති බව ප්‍රදේශ වාසීහු කියති. එම අනතුරින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් සුලු තුවාල ලැබූ 06 දෙනෙකු මැදවච්චිය රෝහලේ ප්‍රථිකාර ලබයි. මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ 07 දෙනෙකු වැඩි දුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට මැදවච්චිය රෝහල් බලධාරින් කටයුතු කළේය.


සිඩ්නි රුවන් උබේපාල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

