ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යාන්තර මුහුදේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් ධීවර බෝට්ටුවේ තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 301ක් සොයාගත් බව නාවික හමුදාව කියයි.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් බිලියන 3 ඉක්මවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්තාන ජාතිකයන් පස් දෙනකු ද සිටින බව නාවික හමුදාව පවසයි.
ධීවර යාත්‍රාව කොළඹට ගෙන ඒමෙන් පසුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.