ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ධීවර සහයෝගිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දෙරට අතර අවධානය අද [ 20 ] යොමු විය .
ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ මාලදිවයන තානාපති ඔමාර් අබ්දුල් රශාක් මහතා අතර පැවති සාකච්ජාවේදීය .
සාකච්ජාව ආරම්භ කරමින් මාලදිවයන තානාපතිතුමා සඳහන් කළේ තම රටේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තය බවය . දෙවැනි ඉහළම ආදායම් ලබන කර්මාන්තය ධීවර කර්මාන්තය බව තානාපතිතුමා පෙන්වා දුන්නේය .
දෙරටේ ධීවරයින් මුහුදු සීමා ඉක්මවා ධීවර රැකියාවේ නිරතවීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු විය . එවැනි අවස්ථාවලදී දෙරටේ සුහදත්වයට හානියක් නොවන පරිදි ඉතා මිත්රශීලීව කටයුතු කර ධීවර ජනතාව පිඩාවට පත්නොවන පරිදි දෙරට අතර කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරිණ .
ඇතැම් ධීවරයින් බැංකුවලට ණය වී , තවත් ධීවරයින් සිය දේපළ උගසට තබමින් , තවත් ධිවරයින් සිය බිරින්දෑ දරු මල්ලන්ගේ කණ කර උගසට තබා රැකියාවේ නිරත වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යතුමා නොදැනුවත්ව හා විවිධ හේතුන් මත මුහුදු සීමා ඉක්මවා යාම හේතුවෙන් ධීවර ජනතාව පත්වන අපහසුතා මගහැරවීම සදහා ගතයුතු පියවර පිළිබදව ද තානාපතිතුමා සමග සාකච්ජා කළේය .
මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ඩබ්ලිව්. සන්දනායක මහත්මිය සහ සීමාසහිත සිනොර් පදනමේ කළමණාකාර අධ්යක්ෂ අයේෂ් රණවක මහතාද එක් ව සිටියේය .