අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිව වරයාට වෙඩි තබා තුවාල සිදු කිරීම හා ත්‍රි පුද්ගල ඝාතනයක ට පොලිස් නිලධාරියකු ලෙස වෙස් ගෙන සහාය දුන් සංවිධානත්මක අපරාධකරුවෙකු සහ ඊට සහය දුන් කාන්තාවක් ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කුලියාපිටිය මහසෙන් මාවත පදිංචි මුදියන්සේලාගේ ශියන්ත සමන් කුමාර ජයතිලක නොහොත් මාමා නැමැත්තෙකි
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මනික්කුගේ නුරේශ් සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂන් අයගේ සමීපතමයකු බව පොලිසිය කියයි.
සැකකරු හා සැකකාරිය සමග පිස්තෝල ගිනි අවියක් , ජීව උන්ඩ යක් , හොරයින් මත්කුඩු ගෑම් 15 රුපියල් 60,000 ක මුදලක් ජංගම දුරකථන දෙකක් පොලිස් බාරයට ගෙන ඇත
පොලිස් විශේෂ කාර්යය බලකා ගොනහෙන කඳුරේ නිලධාරීන්ට ලද තොරතුරු අනුව කටාන හා කුලියාපිටිය ප්‍රදේශවල දී වැටදී සිදුකර ඇත
අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව ඉකුත් වසරේ ඔක්තෝම්බර් 6 වෙනි දින මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ නිවසකට පොලිස් නිල ඇඳුමින් සැරසී වෙඩික්කරුවන් සමග එම නිවසට ගොස් පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීම, පසුගිය මස 26 වැනි දින අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමහා මෙම මස 17 වැනි දින මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශීය යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට -ටී 56 ගිනි අවි කින් වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙක් බව පොලිසිය කියයි.
සැකකරු හා සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබීය.
