ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කළ තමන් හෙට (21) දිනයේදී පාර්ලිමේන්තුවේ දිවුම්රුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (20දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
තමන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙසින් පත් වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබද අධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූයේ දිවුරුම් දීමක් නොකරන බව ධම්මික පෙරේරා මහතා නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීම නිසා හිස්වූ අසුන වෙනුවෙන් ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළේය.
ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් ජනාධිපති නිතීඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියේය.
ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට පත්කර ඇති බවට ප්‍රකාශ කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.