කෝවිඩ්-19 වෛරසය පාලනය කිරීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද පැණිය නීත්‍යනුකූලව ජනතාවට ලබාදීම තවදුරටත් ප්‍රමාදවෙමින් තිබේ.
මෙම පැණිය ඖෂධයක් ලෙසට පරීක්ෂණ කිරීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් සිය අනුමැතිය ලබාදී තිබිණි. ඉන්පසුව රජය විසින් අදාළ පැණිය පිළිබඳ සොයා බලා රජයට වාර්තාවක් ලබාදීම සඳහා කමිටුවක් පත් කරනු ලැබිණි.
අදාළ පැණියේ සායනික පරීක්ෂාව සිදු කිරීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේදී අදාළ කමිටුවට රාජකාරි පවරා තිබුණද මෙතෙක් එම කමිටුවේ වාර්තාව ලැබී නැතැයි සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.
සායනික පරීක්ෂාව සඳහා 75 දෙනෙකුට ඖෂධ ලබා දී ඇතැයි වාර්තා වුවද, කමිටු වාර්තාව මෙතෙක් සකස් නොකිරීම නිසා අදාළ පැණිය ජනතාවට ලබාදීමට නොහැකිව ඇතැයිද සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.