කාන්තාවකට අතවර කිරීම ඇතුළු චෝදනා 4ක් යටතේ සිඩ්නි පොලීසිය යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද දිනයේදී ඇප නියම වූ ධනුෂ්ක ගුණතිලක මහතාට අධිකරණය විසින් දැඩි ඇප කොන්දේසි පනවා තිබේ.
ඔහුගේ ඇප කොන්දේසිවල කොටසක් ලෙස ධනුෂ්කට දිනපතා ඊස්ට්වුඩ් පොලිසියට වාර්තා කිරීමට සිදුවන අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය භාරදීමට සිදුවෙනු ඇත.
එදේම ඔහුට ටින්ඩර් හෝ වෙනත් ආලය (Dating) යෙදුමක් භාවිත කිරීමට අවසර නැති අතර, සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ විය හැක්කේ නීතිමය නියෝජිතයකු ඉදිරියේ පමණි.
ඇප ලබාදීම වෙනුවෙන් ධනුෂ්කට ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 2ක මුදලක් ගෙවීමට සිදුවය ඇති අතර ඒ සඳහා ඔහුගේම මුදලින් ඩොලර් 50000ක් හා මෙල්බර්න් කාන්තාවක් ඩොලර් 150000ක් ගෙවා තිබේ.