දෝව ඓතිහාසික රජමහා විහාරස්ථානය ට නුදුරින් පිහිටි පරෙයියන්ගල කන්දේ හටගත් හදිසි ගින්නකින් අක්කර දහයක පමන කොටසක් විනාශ වී ගොස් සුලගත් සමග ගින්න තව දුරටත් කදුමුදුනේ පැතිර යමින් පවතින බව ඇල්ල පොලිසිය පවසයි .
පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමග කිසිවෙකු විසින් වනසතුන් දඩයම් කිරීමට හෝ විනෝදයට මෙන් මෙසේ පරෙයියන්ගල කන්දට ගිනිතබන්නට ඇති බවත් ,මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලිසිය සදහන් කලේය .
වනසංරක්ෂණ ,වනජිවි නිළධාරින් , දියතලාව යුධ හමුදා කදවුරේ නිළධාරින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්වී ගින්න නිවාදැමීමට උත්සාහ කලද එම ස්ථානයට ලගාවීමට ඇති අපහසුතාව මෙන්ම පවතින අධික සුලං හේතුවෙන් ගින්න නිවාදැමීමට අපහසු වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය .
