දොළොස් හැවිරිදි පාසල් සිසුුුුුවිය අපයෝජනය කළ දෙදරු පියෙකු අත්අඩංගුවට
පාසල් සිසුවියක් අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය මගින් අවුරුදු 64 හැවිරිදි දෙදරු පියෙකුව ඊයේ (15) දින රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් පොලිස් වසමට අයත් ඇන්ෆිල්ඩ් දමිළ මහ විද්‍යාලයේ 7 වෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 12 හැවිරිදි පාසල් සිසුවිය සැකකරු විසින් මිට මාස 3කට පමණ ප්‍රථම අපයෝජනය කළ බවටයි හැටන් පොලීසියට ලද පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.
අපයෝජනයට ලක් වුයේ යැයි කියන සිසුවිය ගැබ්ගෙන සිටින බවත්, එම සිසුවියගේ ගැබට මාස තුනක් පමණ වන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ.
ඇන්ෆිල්ඩ් වතුයායේ එකම වතු නිවාස පේළියක පදිංචි පාසල් සිසුවිය සහ සැකකරු පදිංචි බවත්, එම වතු නිවාස පේළියේ තාවකාලිකව ඉදි කර තිබෙන මුළුතැන්ගෙයකදි පාසල් සිසුවියව සැකකරු විසින් අපයෝජනය කල බවටයි හැටන් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.
පාසල් සිසුවියගේ හැසිරිම් රටාව පිළිබඳව සැක සිතු දෙමවුපියන් ඇයව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සිසුවිය ගැබ්ගෙන ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කරගෙන ඇත.
හැටන් පොලිස් බල ප්‍රදේශයේ ගත වු දින කිහිපය තුළ අපයෝජනය සිද්ධින් හයක් වාර්තා වි ඇති බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය පැවසිය.

popular news
-
Champa Thursday, 17 October 2019 07:58 AM
මේ මොන අපරාධයක්ද? කිරි දරුවෝ විනාශ කරනවා. මොකක්ද මේ රට? පාලකයෝ පොලිසිය STF මර නින්දේ? ලඟදි දවසක මොන්ටිසෝරි යන්න ගේ ළඟ හිටපු කිරි දරුවෙක්ට අතවර කරලා තිබුන. තව ලමයකේ පොදු වැසිකිලියට යත්දී. දරුවෙක්ට ගෙදරවත් පාසලේවත් මඟ තොටවත් ඉන්න බැරි අති භයානක කාලයක් මේක. මේවා කරන්න බය නැත්තේ නීතිඥයෝ ඉන්න නිසා මෙවුන් බේරන්න. අවුරුදු 5ක් තිස්සේ ලියනවා කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කරන්න නීති තද කරන්න කියලා. මේ රටේ පිරිමින්ටයි පිරිමි දේශපාලකයන්ට වගේ වගක් නැහැ. ගෑනු මතක් වෙන්නේ, ඕන වෙන්නේ චන්දෙටයි තව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

