දොලොස් හැවිරිදි දැරියක් දූෂණයට කර ගැබිනියක් බවට පත්කල පුද්ගලයෙකු සැකපිට පෙරේදා(01) සවස හොරොව්පොතාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
ත්‍රිකුණාමලය රෝහල් පොලීසිය විසින් සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන නගරයේ හෝටලයක වේටර් වරයෙකු ලෙසසේවය කල හොරොව්පොතාන,ඕළුගසකඩවල ප්‍රදේශයේ පදිංචි හතලිස් හය හැවිරිදි එක්දරු පියෙකි.
මීට මාස හයකට පෙර මෙලෙස දැරිය දූෂණයට ලක් වී ඇති බව පොලිසිය පවසයි. තුන් හැවිරිදි වියේ සිට පැවිදි දිවියට ඇතුළත්ව සිල්මාතාවක්ව සිට ඇති මෙම දැරිය සිවුරු අත් හැර මීට මාස හයකට පෙර සැකකරුගේ නිවසට පැමිණ සතියක පමණ කාලයක් එහි සිට ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය පවසන්නේ සැකකරු දැරියගේ මවගේ අක්කා සමග විවාහ වී සිටින අතර ඥාතීත්වයෙන් දැරියගේ ලොකු තාත්තා බවය.දින කිහිපයකට ඉහත දී උදරාබාධයක් බව පවසමින් දෙමව්පියන් විසින් දැරිය ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බවත් එහිදී කළ වෛද්‍ය පරීක්ෂණ වලදී ඇය මාස හයක ගැබිනියක් බවට තහවුරු වී ඇති බවත් පොලිසිය පවසයි.
දීර්ඝ කාලයක් පැවිදි වී සිට ගිහි බවට පත්වූ නිසා එක්වර නිවසට යෑමට නොහැකිව ලොකු අම්මාගේ නිවසේ සතියක කාලයක් රැඳී සිටි බවත් එහිදී ලොකු තාත්තා විසින් මෙම අපරාධය තමන්ට සිදුකළ බවත් කළ ප්‍රශ්න කිරීම්වලදී දැරිය පැවසූ බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
සැකකරු ඊයේ(02) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමසිරි, කාන්තා උප පොලිස් පරීක්ෂක රංජනී යන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සැරයන් වරුන් වන(35911) පුෂ්පකුමාර,(26971) රාජපක්ෂ,(35142) ප්‍රේමතිලක කාන්තා පොලිස්(8495) සංජීවනී යම් නිළධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරති.
කටහගස්දිගිලිය- පැතුම් දර්ශණ