දේශීය කිරි අවශ්‍යතාවෙන් දැනට නිෂ්පාදනය වන 40% ක ප්‍රමාණය 80% දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ යටතේ ගොවීන්ගේ කිරි නිෂ්පාදනය වැඩි දියුණු කරමින් ඔවුන්ගේ යටිතල පහසුකම්, කිරි ගවයන් ලබා දීම සහ වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා සිදුකරන බවද පෙන්වා දෙයි.
මේ සඳහා කිරි ඉතිරෙන රටක් DAIRY HUB ව්‍යාපෘතිය රටේ සියලු ප්‍රදේශවල පශු වෛද්‍ය කාර්යාල මගින් සිදු කරනු ලබන අතර මේ සඳහා අවහ්‍ය තාක්ෂණික සේවා සැපයීම රජය විසින් සිදුකරන බවද සඳහන් කරයි.
මෙම වැඩසටහනට සම්බන්ධ වීමට කැමති ගොවීන් තම බල ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාල මගින් අයදුම් පත්‍රයක් ලබා ගෙන එය සම්පූර්ණ කර සාමාජිකත්වය ලබා ගත යුතු ය.