ගාලුමුවදොර දි ඉකුත් 9 දින ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය ගැන මූලික විමර්ශනයක් සිදුකරන්නැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.
එම විමර්ශනය ආයතන සංග්‍රහය යටතේ සිදුකරන ලෙසත් , එම නිලධාරියාට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් මෙම මූලික විමර්ශනය සිදු කළ යුතු බවට ද ලේකම්වරයා ගේ ලිපියේ සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි .
පරීක්ෂණය ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයාව සිට , අරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන සමන් දිසානායක මහතා හෝ සුදුසු නිලධාරියකු සහය ලබාගන්නා ලෙසත්, මෙම පරීක්ෂණය සිදු කර දින 45 ඇතුළත තමන් වෙත වාර්තාව ලබා දෙන ලෙසත් ලේකම් වරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි