බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පිරිසක් පහරදි ඇති බව වාර්තා වෙයි.
එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා තුවාල ලබා තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ දිනයේදී ගෝල් ෆෙස් වෙත එල්ල වූ ප්‍රහාරයේදී ඒ සඳහා පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමග සිටින ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වාර්තා වෙයි.
එසේම ප්‍රහාරය වැළැක්වීම වෙනුවෙන් ඔහු කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බවටද චෝදනා එල්ල වෙයි.