විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ දිනවල ඇමෙරිකාවේ නිල සංචාරයක නිරතව සිටියි. එහිදී ඔහු ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වූ බොහෝ ඇමෙරිකානු නිලධාරීන් පෙන්වා දී ඇති කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳවයි.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකානු නියෝජිතායතනයේ පරිපාලන නිලධාරී සමන්තා පවර් මහත්මිය සමග මෙන්ම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් සහකාර ලේකම්වරියක් වන උස්රා සේයා මහත්මිය අතර පැවැති සාකච්ඡාවේදීද දේශපාලන ප්‍රතිසංසකරණ පිළිබඳව අවධානය යොමුව තිබේ.