රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ බන්ධනාගාර රෝහලට පැමිණියේය. එහිදී මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනපතිවරයා පැවැසුවේ දේශපාලනය කරනවානම් මෙවැනි දේවල් උරුම බවයි.
"එතුමා ඕක ගණන් ගන්නේ නෑ මට පේන විදිහට. දේශපාලනය කරනවානම් ඕවා උරුමයි. එතුමත් ඒකට මුහුණ දෙනවා. දේශපාලන නායකයෝ මේ වගේ පොඩි දේවල් වලට අල්ලලා හිර ගෙවල් වලට දාන එක නම් වැරදියි කියලා තමයි මට කියන්න වෙන්නේ. මේක හොඳ කාර්යයක් නෙමෙයි. පළි ගැනීම තමයි වෙන දෙයක් නෙමෙයි නේ."